එක්සත් ජනපදයේ මිලියන 135කට අධික ජනතාවකට කාලගුණ අනතුරු ඇඟවීම්

එක්සත් ජනපදයේ මිලියන 135කට අධික ජනතාවකට කාලගුණ අනතුරු ඇඟවීම්

එක්සත් ජනපදය සහ කැනඩාව පුරා උෂ්ණත්වය පහත වැටීමෙන් හිම කැට ඇති විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා

ප්‍රබල ආක්ටික් ශීත කුණාටුව නිසා මිලියන 135 කට අධික ජනතාවකට එළඹෙන නත්තල් සති අන්තයේ කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපද -මෙක්සිකෝ දේශ සීමාව සහ ෆ්ලොරිඩා, සන්ෂයින් ප්‍රාන්තය දක්වා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කුණාටුව තීව්‍ර වීමත් සමග ප්‍රධාන ගුවන් තොටුපලවල ගුවන් ගමන් බොහෝ ප්‍රමාණයක් අවලංගු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

එරට ජාතික කාලගුණ සේවය (NWS) පවසා තිබෙන්නේ දිවයිනේ සමහර ප්‍රදේශවල මෙම සතිය අවසන් වන විට -50F (-45C) සහ -70F උෂ්ණත්වයක් පැවතිය හැකි බවයි.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Kathy Hochul, කුණාටුව අපේක්ෂාවෙන් හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා

කෙන්ටකි, උතුරු කැරොලිනා, බටහිර වර්ජිනියා, ජෝර්ජියා සහ ඔක්ලහෝමා හි ආණ්ඩුකාරවරුන් ද හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇති අතර විස්කොන්සින්හි බලශක්තිය සඳහා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි පැවසෙන්නේ

ෆ්ලොරිඩාවේ වසර 30කට පසු ශීතලම නත්තල දකිනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා

FlightAware වෙබ් අඩවියට අනුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල එක්සත් ජනපදයේ ගුවන් ගමන් 5,300 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් අවලංගු කර තිබෙනවා

 

Share This