එක්සත් ජාතීන්ගේ අන්තර්වාර ආරක්ෂක හමුදාව වෙත ඉන්දියාවෙන් කාන්තා භට කණ්ඩායමක්

එක්සත් ජාතීන්ගේ අන්තර්වාර ආරක්ෂක හමුදාව වෙත ඉන්දියාවෙන් කාන්තා භට කණ්ඩායමක්

දකුණු සුඩානය සහ සුඩානය අතර දේශසීමාවේ සිටින එක්සත් ජාතීන්ගේ අන්තර්වාර ආරක්ෂක හමුදාව වෙත කාන්තා භට කණ්ඩායමක් එක් කිරීමට ඉන්දියාව කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දකුණු සුඩානයේ සිදුකෙරෙන එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ඉන්දියාව සහයෝගය ලබා දෙන බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සිය රටට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ නිත්‍ය නියෝජිත Akuei Bona Malwal පෙන්වා දෙන්නේ පවතින මිත්‍රත්වයට කෘතඥ වන බවයි.

Share This