එගොඩ උයන පොලිස් නිලධාරියකුට නිවසේ දී පිරිසක් පහර දීලා

එගොඩ උයන පොලිස් නිලධාරියකුට නිවසේ දී පිරිසක් පහර දීලා

එගොඩ උයන පොලිසියේ පොලිස් නිලධාරියකුට අද (04) දහවල් කළුතර සිය නිවසේ සිටියදීී පහරදීමක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

කළුතර , නාගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිටියදී කඩු පොලු රැගෙන පැමිණි පිරිසක් මෙසේ පහරදී පලා ගොස් ඇති බව සදහන්.

පහරකෑමෙන් පසු සැරයන් වරයා 1990 සුවසැරිය ගෙන්වා රෝහල් ගතවීමට සූදානම් වීමේදී ද දෙදෙනකු පැමිණ යලි පහරදී ඇති බවද වාර්තා වනවා.

කළුතර ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පහරදීමෙන් සැරයන්වරයාගේ හිසට සහ වම් ඇස ආසන්නයේ තුවාල සිදුවී ඇති බවයි.

සැරයන් වරයා පදිංචි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව ඔවුන්ගේ නම් සඳහන් කරමින් ප්‍රදේශයේ තාප්පවල පෝස්ටර් අලවා ඇති බවත්,එයින් උරණ වූ එම පෝස්ටර් වල නම් සඳහන් ඥාතීන් ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වනවා.

සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, කළුතර දකුණ පොලිසිය ඔවුන් සොයා පරීක්ෂණ සිදු කරනවා.

 

Share This