එන්නත් දෙකම නොගත් අයට විවාහ උත්සවවල දොර වැසෙන හැටි

එන්නත් දෙකම නොගත් අයට විවාහ උත්සවවල දොර වැසෙන හැටි

කොවිඩ් 19 වෛරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලු සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කරනවා.

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

දැනට පනස් දෙනෙකුගේ උපරිම සීමාව යටතේ විවාහ මංගල උත්සව පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුවෙන් තම සංගමය අවසර ලබාගත් බව ද එම සංගමය පවසනවා.

නිරෝධායන සෞඛ්‍ය නීති ගැන වගකිමක් ගන්න කෙනෙක් නැති නිවෙස්වල එම උත්සවයන් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ද ඔහු බළධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

විවාහ මංගල උත්සවවලදී යම් පුද්ගල මීටරයේ දුරස් බව නැතුව, මුව ආවරණ නැතුව සිංදුවලට නටන්න ආවොත් විතරක් නෙමෙයි බීලා නටන්න ආවත් ඒ අයට සංගීතය සැපයීමෙන් වලකින්න, ඇණවුම බාරගැනීමට පෙර කොන්දේසි දමා බාරගන්න කටයුතු කරන්නැයි, එම සංගමයේ උප සභාපති සංගීත ශිල්පී සාලිය දිනේෂ් මහතා සංගීත ශිල්පීන්ගෙන් මෙහිදී ඉල්ලා තිබෙනවා

 

Share This