
එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරේ මූලික වාර්තාවක් එළියට
අහමදාබාද්හි සිදු වූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර පිළිබඳ විමර්ශනයේ මූලික වාර්තාව නිකුත් කර තිබෙනවා
ඒ අනුව එම වාර්තාවේ දැක්වෙන්නේ ගුවන්ගත වීමෙන් තත්පර කිහිපයක් ඇතුළත ගුවන් යානයේ එන්ජින් දෙකම ගුවනේදීම ක්‍රියා විරහිත වී ඇති බවයි
එමෙන්ම යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු වී නොමැති අතර තත්පරයක කාලයක් ඇතුළත ‘RUN’ සිට ‘CUTOFF’ ස්ථානයට එකින් එක මාරු වීමක් සිදුව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ
කෙසේ වෙතත් නියමු කුටියේ හඬ පටිගත දත්ත අනුව, එක් නියමුවෙකු “ඔබ විසන්ධි කළේ ඇයි?” යනුවෙන් අසන බව පටිගත වී ඇති අතර අනෙක් නියමුවා පිළිතුරු දෙන්නේ, “මම එසේ කළේ නැහැ” යනුවෙනුයි
මීට අමතරව ගුවන් යානයේ කපිතාන්වරයා විසින් කරන ලද ප්‍රකාශ මොනවාද සහ පළමු නිලධාරියා විසින් කරන ලද ප්‍රකාශ මොනවාද යන්න මෙන්ම අනතුරට පෙර “මේඩේ, මේඩේ, මේඩේ” සම්ප්‍රේෂණය කළ නියමුවා කවුද යන්න එහි හඳුනාගෙන නැහැ
එයාර් ඉන්දියා ගුවන් යානයේ අණදෙන නියමුවා වූයේ 56 හැවිරිදි සුමීත් සබර්වාල් වන අතර, ඔහුට පැය 15,638 ක සම්පූර්ණ පියාසර අත්දැකීම් තිබූ අතර, ඉන්දීය රජයට අනුව, එයාර් ඉන්දියා උපදේශකයෙකු ද වනවා
පසුගිය ජුනි මාසයේ දී අහ්මදාබාද්හි සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 260 දෙනෙකු මිය ගිය අතර වාසනාවන්ත ලෙස එක් අයෙකු දිවි බේරා ගැනීමට සමත් වුණා
එමෙන්ම ඉන්ධන පාලන ස්විචයන් ‘CUTOFF’ වෙත මාරුවීම පිළිබඳ ඉදිරියේදී විමර්ශනයේ ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා