‘එරිත්‍රියානු හමුදා මගේ මාමාව ඝාතනය කළා’ – ටෙඩ්‍රොස්ගෙන් චෝදනාවක්

‘එරිත්‍රියානු හමුදා මගේ මාමාව ඝාතනය කළා’ – ටෙඩ්‍රොස්ගෙන් චෝදනාවක්

ඉතියෝපියාවේ යුද්ධයෙන් විනාශ වූ ටයිග්‍රේ ප්‍රදේශයේදී එරිත්‍රියානු හමුදා තම මාමා ඝාතනය කළ බවට එක්සත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය අංශයේ ප්‍රධානියා විසින් චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා තිබෙන්නේ තවත් 50කට වැඩි පිරිසක් එකම ගම්මානයකදී අත්තනෝමතික ලෙස මරා දැමූ බව තමා පසුව දැනගත් බවයි

මෙම චෝදනාව සම්බන්ධයෙන් එරිත්‍රියාව මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

නවතම Covid-19 ගැටළු පිළිබඳව ජිනීවා හි පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාකච්ඡාවේදී ආචාර්ය ටෙඩ්‍රොස් මේ බව සඳහන් කර ඇති අතර වැඩිදුරටත් ඔහු පවසා තිබෙන්නේ “පසුගිය සෙනසුරාදා, මගේ මාමා එරිත්‍රියානු හමුදාව විසින් ඝාතනය කර ඇති බව මට දැනගන්න ලැබුණා ,මම මගේ මවට කතා කරා , ඔහු ඔවුන්ගේ පවුලේ බාලයා වූ නිසා මගේ මව දැඩි ශෝකයට පත් වුණා. ඔහු මගේ වයසට ආසන්න පුද්ගලයෙක් ”

එමෙන්ම ප්‍රහාරය එල්ල වූ බව කියන වේලාව හෝ ඝාතනය සිදුවූ ගම පිහිටි ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොදුන් බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඉතියෝපියානු රජය සහ Tigray People’s Liberation Front (TPLF) අතර පසුගිය නොවැම්බරයේ අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුමක් පැවැත්වෙන නමුත් එරිත්‍රියානු හමුදා සහ ඉතියෝපියාවේ අසල්වැසි අම්හාරා ප්‍රදේශයේ හමුදා මෙම සටන් විරාම ගණුදෙනුවට හවුල් වී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This