එලොන් මස්ක් චීනයට -ව්‍යාපාර පුළුල් කිරීමටත් අදහසක්

එලොන් මස්ක් චීනයට -ව්‍යාපාර පුළුල් කිරීමටත් අදහසක්

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක එලොන් මස්ක් සංචාරයක් සඳහා චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහු බීජිං වෙත පැමිණිමෙන් පසු ෂැංහයි හි පිහිටි ටෙස්ලා සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැරඹීමට ද අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

එලොන් මස්ක් චීනයට පැමිණ පැය කිහිපයක් ඇතුළත දී චීනයේ විදේශ ඇමති Qin Gang හමුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපදය සහ චීනය අතර පවතින මතභේදාත්මක සිදුවීම් මධ්‍යයේ චීනයට පැමිණි මෙම සංචාරය පිළිබඳව එලොන් මස්ක් මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ

බීජිං හි පිහිටි හෝටලයකින් පිටත්ව යන විට වාර්තාකරුවන් විසින් ඔහුගේ සැලසුම් පිළිබඳව විමසා සිටි විට දී කිසිදු අදහසක් ප්‍රකාශ කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා .

චීනය තුළ පිහිටි ටෙස්ලා හි මෝටර් රථ නිෂ්පාදකයාගේ ව්‍යාපාරය පුළුල් කිරීමට එලොන් මස්ක් කැමැත්තෙන් සිටින බව චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා

Share This