එලොන් මස්ක් “ට්විටර්” මිලට ගනියි
එලොන් මස්ක් “ට්විටර්” ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
බිලියනපතියෙකු වන එලොන් මස්ක්ගෙන් ඩොලර් බිලියන 44 (පවුම් බිලියන 34.5) ලබා ගැනීම සඳහා ට්විටර් මණ්ඩලය එකඟ වී ඇති බවයි සඳහන් කරන්නේ
ට්විටර්හි අන්තර්ගත සීමා ලිහිල් කිරීමේ සිට ව්‍යාජ ගිණුම් මුලිනුපුටා දැමීම දක්වා වෙනස්කම් මාලාවක් ද එලොන් මස්ක් ඉල්ලා තිබෙන බව සඳහන්.
ට්විටර් සමාගම මුලින් මස්ක් මහතාගේ ලංසුව ප්‍රතික්ෂේප කර ඇති නමුත් දැන් එය ගනුදෙනුව අනුමත කිරීමට කොටස් හිමියන්ගෙන් ඡන්දය ඉල්ලා තිබෙනවා
ෆෝබ්ස් සඟරාවට අනුව, මස්ක් මහතා ලොව ධනවත්ම පුද්ගලයා වනවා.