එලොන් මස්ක්ගෙන් චීනයට කර්මාන්ත ශාලාවක්

එලොන් මස්ක්ගෙන් චීනයට කර්මාන්ත ශාලාවක්

චීනයේ Megapack බැටරි නිෂ්පාදනය කිරීම සඳහා නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව එලොන් මස්ක්ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයාවන Tesla සමාගම සඳහන් කර තිබෙනවා.

Megapack යනු බලශක්ති ජාල ස්ථාවර කිරීමට සහ විදුලිය ඇණහිටීම් වළක්වා ගැනීමට භාවිතා කළ හැකි ඉතා විශාල බැටරියක් වන අතර ෂැංහයි හි ඉදිකිරීමට නියමිත එම කර්මාන්ත ශාලාවේ වසරකට “Megapack” ඒකක 10,000 ක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා

Tesla සතුව දැනටමත් කැලිෆෝනියාවේ Megapack කර්මාන්ත ශාලාවක් ඇති අතර එය සෑම වසරකම ඒකක 10,000ක් නිෂ්පාදනය කරනු ලබනවා

Share This