
එස්.ටී.එෆ් සහ පොලිස් විශේෂ මෙහෙයුමකින් කංසා හේන් පහළොවක් වනසයි
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සහ තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව හම්බෙගමුව ප්රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කළා.
මෙම මෙහෙයුමේ දී කංසා වගා කළ හේන් පහළොවක් පමණ වටලා ඇති අතර එම කංසා හේන් වල විවිධ උස ප්රමාණයන් වලින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ කංසා පැළ දෙලක්ෂ තිස් එක් දහස් දෙසිය පනස් දෙකක් තිබූ බව පොලීසිය පැවසුවා.
පොලිසිය පැවසුවේ වැටලීමේ දී සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තණමල්විල ප්රදේශයේ පදිංචිකරුවන් බවයි.
සියලුම කංසා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
