එළිසබෙත් රැජිනගේ මරණයෙන් පසු ‘කිරුළේ දියමන්ති ‘ආපසු ඉල්ලන දකුණු අප්‍රිකාව

එළිසබෙත් රැජිනගේ මරණයෙන් පසු ‘කිරුළේ දියමන්ති ‘ආපසු ඉල්ලන දකුණු අප්‍රිකාව

එළිසබෙත් රැජිනගේ මරණයෙන් පසු, බ්‍රිතාන්‍ය කිරුළ අලංකාර කරන දියමන්ති කිහිපයක් ආපසු ලබා දෙන ලෙස දැන් දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීම් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අතරින් විශාලතම පැහැදිලි දියමන්තිය වන ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් ‘ දියමන්තිය දකුණු අප්‍රිකාව නැවත ලබා ගැනීම සඳහා උත්සාහ දරණ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෙය Cullinan I ලෙසද හැඳින්වෙන අතර 1905 දී දකුණු අප්‍රිකාවේ කැණීම් කරන ලද විශාල මැණිකකින් කපා ගත් බවද සඳහන් වනවා

අප්‍රිකාවේ යටත් විජිත පාලකයන් විසින් බ්‍රිතාන්‍ය රජ පවුලට දියමන්තිය භාරදී ඇති අතර එය දැනට රැජිනට අයත් රාජකීය යෂ්ටියක සවි කර ඇති බවයි පැවසෙන්නේ

දියමන්තිය ආපසු ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමක් දියත් කර ඇති අතර එයට පුද්ගලයින් 6,000 කට වැඩි පිරිසක් අත්සන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මන්ත්‍රී Vuyolwethu Zungula ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ බ්‍රිතාන්‍යය විසින් ලබා ගත් සියලුම රන්, දියමන්ති ආපසු ලබා දෙන ලෙසයි

එම ට්විටර් පණිවිඩය පහතින් දැකිය හැකියි.

Share This