ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට අද සිට

ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට අද සිට

ලංකා IOC සමාගම විසින් ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට අද (02) සිට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ලංකා IOC සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා සමග සාකච්ඡා කළ අතර ඒ අනුව ඔවුන්ගේ ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය දියුණු කිරීම, ඉන්ධන මිල සූත්‍රය සහ යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Share This