
ඔඩිසි සංචාරක දුම්රිය පීළි පැනීමෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධාවක් නැහැ
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ ඕඩිසි සංචාරක දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේදි අද (26) පස්වරු 1:30ට පමණ පීළි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
පාලක මැදිරිය සඳහන් කලේ එම දුම්රියේ එන්ජින් කොටස පීළි පැන ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා නොවන බවයි.
පීලි පැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීළි ගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිළධාරියෙකු පැවසුවා.
