ඔපෙක් සංසදයට සහභාගී වෙන ඇමති ශෙහාන්

ඔපෙක් සංසදයට සහභාගී වෙන ඇමති ශෙහාන්

“ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට” ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

“ඔරොත්තු දීමේ හැකියාව සහ සමානාත්මතාවය” යන තේමාව යටතේ හවුල්කාර රටවල් 125 ක්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු, ගෝලීය සංවර්ධන ආයතන සහ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් මෙම සංසදයට සහභාගී වීමට නියමිත බව සඳහන්.

ජුනි 25 වෙනිදා ඔස්ට්‍රියාවේ වියානාහි මෙම සංසදය පැවැත්වීමට නියමිතයි.

Share This