ඔමික්‍රොන් නිසා දිල්ලි සහ මුම්බායිවල සීමාවන් සහිතව ඇඳිරි නීතිය පනවයි
ඉන්දියාවේ විශාලතම නගරයවන දිල්ලි අගනුවර සහ මුම්බායිහි තුන්වන කොවිඩ් රැල්ල ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඉන්දියාවේ 05වනදා වනවිට රෝගීන් 58,097 ක් වාර්තා වී ඇති අතර එය සතියක් තුළ හය ගුණයක වැඩිවීමක් ලෙසයි සැලකෙන්නේ
ඔමික්‍රොන් ප්‍රභේදය නිසා මෙලෙස ආසාදිතයින් වැඩි වී ඇති අතර එම ආසාදිතයින්ගෙන් තුනෙන් එකක් පමණ පැමිණියේ දිල්ලි සහ මුම්බායි වලින් වාර්තා වී තිබෙනවා.
වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා නගර දෙකම නැවත ඇඳිරි නීතිය පනවමින් පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා
ඉන්දියාවේ එන්නත් කාර්ය සාධක බලකායේ ප්‍රධානී වෛද්‍ය එන්කේ අරෝරා පවසා තිබෙන්නේ වසංගතයේ තුන්වන රැල්ල රට තුළ දැනටමත් ආරම්භ වී ඇති බවයි.
ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත රෝගීන් 2,000 කට වඩා වාර්තා කර ඇති අතර ඉන් මුම්බායි අගනුවර වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 653ක්ද දිල්ලියේ 464 දෙනෙක්ද වාර්තා වී තිබෙනවා
මේ අතර ඉන්දියාවේ ප්‍රධාන රෝහල්වලින් එකක් වන දිල්ලියේ පිහිටි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (AIIMS) වෛද්‍යවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වනවා.
දිල්ලියේ බලධාරීන් සති අන්ත ඇඳිරි නීතිය පැනවූ අතර අත්‍යවශ්‍ය නොවන සියලුම ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා .
ඉන්දියාව මේ වන විට රෝගීන් මිලියන 34 කට වඩා වාර්තා කර ඇති අතර කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 482,000 ක් වාර්තා වී ඇතත්, සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.