ඔමික්‍රෝන් පාලනයට ජූලි වනවිට ගත යුතු පියවර
ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ඉහළ ශ්වසන පද්ධතියට බලපාන බවට සාක්ෂි මතුවෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කළමනාකරුවෙක් වන Abdi Mahamud පවසනවා
පෙර ප්‍රභේදවලට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන නමුත් ඉහළ යන ආසාදිතයින් ගණන සහ අඩු මරණ අනුපාතය සමහර ස්ථානවලදී වෙනස් විය හැකි බවයි ඔහු පවසන්නේ.
නොවැම්බර් මාසයේදී ප්‍රථම වරට අනාවරණය වූ ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් රටවල් 128 ක් තුළ පැතිර ඇති බවයි පැවසෙන්නේ
ඔමික්‍රොන්හි ඉහළ සම්ප්‍රේෂණය හේතුවෙන් එය සති කිහිපයකින් බොහෝ ස්ථානවල පැතිර යනු ඇති බවත් ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයකට එන්නත් ලබා නොදෙන රටවල වෛද්‍ය පද්ධතිවලට තර්ජනයක් වනු බවත් Abdi Mahamud පවසනවා
COVID-19 එන්නත් ලබා ගැනීමෙන් තවමත් යම් ආරක්ෂාවක් සපයන බවට සාක්ෂි පවතින බවයි මහමුද් පවසන්නේ .
ඔමික්‍රෝන් සඳහා විශේෂිත එන්නතක් අවශ්‍ය දැයි ඇසූ විට මහමුද් පවසා තිබෙන්නේ එය පැවසීමට කල් වැඩි බවයි.
ප්‍රභේදයේ බලපෑම අවම කිරීම සඳහා හොඳම ක්‍රමය වනුයේ ජූලි මාසය වන විට සෑම රටකම ජනගහනයෙන් 70% කට එන්නත් කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා
ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන ඉහළ ගොස් ඇති හෙයින්, එක්සත් ජනපදය ඇතුළු සමහර රටවල් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ට නැවත රැකියාවට හෝ පාසලට යාමට ඉඩ දීම සඳහා නිරෝධායන කාල සීමාවන් අඩු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.