ඔලිම්පික් මලල ක්‍රීඩක ශූරයින්ට හිමිවන ත්‍යාග මුදල්

ඔලිම්පික් මලල ක්‍රීඩක ශූරයින්ට හිමිවන ත්‍යාග මුදල්

එළඹෙන ඔලිම්පික් තරගාවලියේ සිට මලල ක්‍රීඩා ඉසව්වලින් පළමු ස්ථාන දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනමන පළමු ක්‍රීඩා සම්මේලනය බවට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පත්වනු ඇති.

ප්‍රංශයේ පැරිස් නගරයේදී පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියේ සිට එම සැලසුම ක්‍රියාත්මක වන අතර රන් පදක්කම්ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් හිමිවන බව සඳහන්.

කෙසේවෙතත් රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට එම මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇත්තේ 2028 වසරේ සිටයි.

Share This