
ඔස්ට්‍රියාවේ පිහි ඇනුමක්
ඔස්ට්‍රියාවේදී සිදුවූ පිහි ඇනුමකින් 14 හැවිරිදි ළමයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එරට නීත්‍යානුකූල පදිංචිය සහිත සිරියානු ජාතිකයෙකු විසින් පිහි ඇනුම සිදු කර ඇති අතර ඔහු 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූවන් වයස අවුරුදු 14 ත් 32 ත් අතර පසුවන පිරිමි පුද්ගලයින් බව සඳහන්.
පිහි ඇනුම සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඒ අනුව මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.