
ඕස්ට්‍රේලියා කණ්ඩායමට ජය
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා
ඒ ලකුණු 62කින්
පාකිස්ථානයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 367ක් ලබා ගැනීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 368ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 305ක් පමණයි
එහිදී David Warner සහ Mitchell Marsh පළමු කඩුල්ල සඳහා ලකුණු 259ක සබඳතාවක් ගොඩනැගුවා.
ඒ අනුව David Warner ලකුණු 163ක් සහ Mitchell Marsh ලකුණු 121ක් ලබා ගැනීමට සමත් වුණා.
තරගයේ ලකුණු සටහන පහතින්


