ඕස්ට්‍රේලියානු අගමැති ඉන්දීය යුද නැවට ගොඩ වෙයි

ඕස්ට්‍රේලියානු අගමැති ඉන්දීය යුද නැවට ගොඩ වෙයි

ඉන්දියාව යනු ඕස්ට්‍රේලියාවට සිටින ඉහළම මට්ටමේ ආරක්ෂක හවුල්කරුවෙකු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ සිය ඉන්දීය සංචාරය අතරතුරදීයි.

මෙම සංචාරයේදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දීය නාවික හමුදාව සතු දේශීය වශයෙන් නිෂ්පාදිත විශාලතම ‍යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Vikrant නෞකාවට ද පැමිණ තිබුණා.

ඔහු නෞකාවේ තිබූ ප්‍රහාරක ගුවන් යානයක අසුන් ගෙන ඉන්දීය නාවික හමුදාවේ නිලධාරීන් සමග සුහද පිළිසඳරක ද නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම කලාපීය වශයෙන් මුහුණදීමට සිදුවන අභියෝගවලදී දෙරටේ ආරක්ෂක සහ ආරක්ෂක හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා වූ කැපවීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට ස්තූතිය පළ කරන බව ද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් එහිදී සඳහන් කර තිබෙනවා.

Share This