ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව කාන්තාවන්ට ආරක්‍ෂිත ස්ථානයක් නොවේ – සෙනෙට් සභික Lidia Thorpe කඳුළු පිරි දෙනෙතින් කියයි

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව කාන්තාවන්ට ආරක්‍ෂිත ස්ථානයක් නොවේ – සෙනෙට් සභික Lidia Thorpe කඳුළු පිරි දෙනෙතින් කියයි

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව කාන්තාවන්ට ආරක්‍ෂිත ස්ථානයක් නොවන බව එරට සෙනෙට් සභික Lidia Thorpe ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ දී තමා ලිංගික අතවරයකට ලක් වූ බව පවසමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෙනෙට් සභාවක දේශනයක දී කඳුළු පිරි දෙනෙතින් යුතුව Lidia Thorpe සඳහන් කර ඇත්තේ තමා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ දී සෙනෙට් සභික David Van ගේ අයුතු ස්පර්ශයකට තමන් ලක් වූ අතර සිය ප්‍රකාශය ඉල්ලා අස් කරගැනීමට බල කිරීමට පෙර අදාළ චෝදනාව ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කළ බවයි.

Lidia Thorpe සිදු කළ අදාළ ප්‍රකාශයත් සමග David Van ට එරෙහිව විනය පියවර ගැනීමට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක Peter Dutton කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් David Van පවසන්නේ Lidia Thorpe විසින් එල්ල කරන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවයි.

Share This