ඕස්ට්‍රේලියාව සංක්‍රමණික නීති දැඩි කරයි

ඕස්ට්‍රේලියාව සංක්‍රමණික නීති දැඩි කරයි

ඕස්ට්‍රේලියාව සංක්‍රමණික නීති දැඩි කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව විදෙස් රටවලින් පැමිණෙන සිසුන්ට සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම, විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ වසර දෙක තුළදී ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළදී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් වාර්තාගත ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් නිවාස සහ යටිතල පහසුකම්වල ගැටලු ද නිර්මාණය වී ඇති බව සඳහන්

මේ අතර ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil විසින් වසර 10ක් සඳහා වූ සංක්‍රමණ උපාය මාර්ග සැලැස්ම ද එළිදක්වා තිබෙනවා

 

 

 

Share This