ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා වෙරළේ තල්මසුන් 200කට අධික පිරිසක් (VIDEO )

ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා වෙරළේ තල්මසුන් 200කට අධික පිරිසක් (VIDEO )

තල්මසුන් 200කට අධික පිරිසක් ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ වෙරළට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෙරළට පැමිණි තල්මසුන්ගෙන් කොටසක් ජීවතුන් අතර සිටින බව පෙනෙන්නට තිබෙන අතර ඔවුන් බේරා ගැනීම සඳහා කණ්ඩායම් යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ .

Macquarie වරාය ආසන්නයේ මෙම තල්මසුන් සිටින බවත් ස්ථානයේ පිහිටීම හේතුවෙන් මෙහෙයුම සංකීර්ණ වනු ඇති බවත් ටස්මේනියාවේ පරිසර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

තල්මසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් එක රැයකින් මිය යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර තල්මසුන් මෙලෙස අතරමං වීමට හේතුව තවමත් නොදන්නා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ටස්මේනියානු ස්වභාවික සම්පත් හා පරිසර දෙපාර්තමේන්තුව විසින් සාගර වෙරළ තීරයේ ගුවන් නියමු තල්මසුන් 230 කට ආසන්න පිරිසක් අතරමං වී ඇති බව තහවුරු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This