ඕස්ට්‍රේලියාවේ බලගතු ආදිවාසී නායකයෙකු වූ Yunupingu මිය යයි(VIDEO)

ඕස්ට්‍රේලියාවේ බලගතු ආදිවාසී නායකයෙකු වූ Yunupingu මිය යයි(VIDEO)

ඕස්ට්‍රේලියාවේ බලගතු ආදිවාසී නායකයෙකු වන Yunupingu මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිගු කලක් රෝගාතුරව සිටි මිය යන විට 74වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ

Yunupingu ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ ඉඩම් අයිතිය සහ ව්‍යවස්ථාපිතව පිළිගැනීම සඳහා වූ සටනේ නියැලෙන්නෙකු ලෙසද සැළකෙනවා

ඔහු උතුරු ප්‍රදේශයේ සාම්ප්‍රදායික හිමිකරුවන් නියෝජනය කරන උතුරු ඉඩම් කවුන්සිලය පිහිටුවීමට කැපවී කටයුතු කළ අතර, ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සඳහා උපදේශන ආයතනයක් වන Yothu Yindi පදනම නිර්මාණය කිරීමට ද දායකත්වය දක්වනු ලැබුවා

ඔහු 1978 වසරේ ඕස්ට්‍රේලියානු ජාතිකයා ලෙස නම් කරන ලද අතර 1985 දී ආදිවාසී ප්‍රජාවට ඔහු කළ සේවය වෙනුවෙන් Order of Australia පදක්කමක් පිරිනැමූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Yothu Yindi පදනම Yunupingu “ජාතියේ යෝධයෙක්” ලෙස විස්තර කර ඇති අතර අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ,මොහුට උපහාර පුද කර තිබෙන්නේ ‘ඔහු විශිෂ්ට නායකයෙකු සහ රාජ්‍ය නායකයෙකු බව’ පවසමිනුයි.

Share This