ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 4ක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 4ක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළ ආසන්නයේ හමුදා හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ ලින්ඩමන් දූපතට ඔබ්බෙන් ඔස්ට්‍රේලියානු සහ එක්සත් ජනපද හමුදා අතර රාත්‍රී පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙම අනතුර සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඕස්ට්‍රේලියානු සහ එක්සත් ජනපදය අතර විශාලතම ද්විපාර්ශ්වික හමුදා පුහුණු අභ්‍යාසය වන Exercise Talisman Sabre අභ්‍යාස අතරතුරයි MRH-90 Taipan යානය කඩා වැටී ඇත්තේ.

ජපානය, ප්‍රංශය, ජර්මනිය සහ දකුණු කොරියාවේ සොල්දාදුවන් ද ඇතුළත් වන තලිස්මන් සේබර් අභ්‍යාසය මේ වනවිට නවතා ඇති බවයි ආරක්ෂක නිලධාරීන් නිවේදනය කරන්නේ.

ආරක්ෂක අමාත්‍ය Richard Marles පැවසුවේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් වහාම දියත් කළ බවයි.

මේ දක්වා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමට සහය වීමට සිවිල් ආයතන, පොලිසිය, මහජනතාව ලබා දුන් සහයෝගය අගය කරන බවත් තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් හමුදා ප්‍රධානින් පවසනවා.

Share This