ඕස්ට්‍රේලියාව යුක්‍රේන වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දෙයි

ඕස්ට්‍රේලියාව යුක්‍රේන වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දෙයි

යුක්‍රේනයේ සිට පැමිණීමට කැමති පුද්ගලයින්ගේ වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව අගමැති ස්කොට් මොරිසන් පවසා තිබෙනවා.

ශිෂ්‍ය වීසා, පවුල් වීසා සහ වෙනත් අය ඇතුළුව දැනට අයදුම්පත් 430 ක් පමණ පවතින බවද ඔහු සඳහන් කරනවා.

යුක්‍රේන සම්භවයක් ඇති පුද්ගලයන් 38,000ක් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වනවා

එමෙන්ම මේ වන විට යුක්‍රේනය තුළ ඕස්ට්‍රේලියානු පුරවැසියන් 1400 ක් පමණ සිටින බවට විශ්වාස කරන බව මොරිසන් මහතා සඳහන් කරනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසන්නේ යුක්‍රේනයේ බිඳී ගිය ප්‍රදේශවලටද සම්බාධක පනවන බවයි.

ඕස්ට්‍රේලියාවේ සම්බාධක පැනවීමේදී  බැංකු, ප්‍රවාහන, බලශක්ති, තෙල්, ගෑස් සහ විදුලි සංදේශ ඉලක්ක කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

Share This