කජු ගමට බලපෑ ලෙලි කජු හිඟය

කජු ගමට බලපෑ ලෙලි කජු හිඟය

දේශීය ලෙලි කජු හිඟවීම නිසා මේ වන විට කජු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 5000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කජු නිෂ්පාදනකරුවන්ගේ සංගමය පවසනවා.

මෙරට වැඩි වශයෙන් කජු නිෂ්පාදනය කරන ගම්පහ, මානවිට, නැදගමුව, කෙහෙල් බද්දර ඕපාත, කොටුගොඩ යනාදි ප්‍රදේශවල ලෙලි කජු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200 සිට 900 දක්වා ඉහළ යාම හේතුවෙන් වෙළඳපොළේ රුපියල් 2000ට පැවති කජු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 5000 ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බවයි කජු නිෂ්පාදකයින් පවසන්නේ.

පසුගිය කාලය පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය මෙන්ම කොවිඩ් 19 වසංගතය මෙයට හේතු වූ බව ඔවුන් කියා සිටියා.

මේ හේතුවෙන් බොහෝ කජු සකස් කරන ස්ථාන වසා දැමීමට සිදුව ඇති අතර ක්‍ෂේත්‍රයේ නිරත වූවන් වෙනත් ක්‍ෂේත්‍ර සඳහා යොමු වීමටද පෙළඹී තිබෙනවා.

දේශීය කජු මෙරට තුළ හිඟ වීම නිසා රජය මැදිහත් වීමෙන් ලෙලි කජු ආනයනය කර ලබා දෙන මෙන් කජු නිෂ්පාදකයන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Share This