
කටුනායක ගුවන්තොටුපලේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් ආරම්භ කිරීමට ජපානය සමග විශේෂ සාකච්ඡාවක්….
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා මහතා ප්රමුඛ ජයිකා නියෝජිත කණ්ඩායමක් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
එහි ප්‍රධාන අරමුණ වූයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ යෝජිත දෙවන මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමයි.
සාකච්ඡාවේදී ප්‍රථමයෙන්ම දෙපාර්ශ්වය විසින්, මෙම ව්‍යාපෘතියේ මෙතෙක් වූ මූලික අදියරේ ප්‍රගතිය විමසා බැලුනා.
ජපන් තානාපතිවරයා අදහස් දක්වමින් අවධාරණය කර ඇත්තේ ,දෙවන මගී පර්යන්තය ඉදිකිරීම ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර වූ දිගුකාලීන සබඳතා අතර ප්රමුඛත්වයක් ගන්නා බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් අග්‍රාමාත්‍යවරයා අතර වූ හමුවීම් වලදී මෙම ව්‍යාපෘතිය ගැන අදහස් හුවමාරු කරගත් බව ඔහු පෙන්වා දී තිබෙනවා.
අමාත්‍යවරයා ප්රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජපාන නියෝජිත පිරිසට දැනුම් දී ඇත්තේ මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාව, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එම වාර්තාව ලැබුණු පසු අධ්‍යයනය කිරීමට සති තුනක පමණ කාලයක් අවශ්‍ය බව ජපන් නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඉන්පසු මිල ගණන් ලංසු විවෘත කළ හැකි බවද ඔවුන් පවසා තිබෙනවා.
ජපාන නියෝජිත පිරිස ඩ්ඃඅනුම් දී අත්තේ අනතුරුව ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වේගවත් කළ හැකි බවටයි.
සාකච්ඡාවේදී අමාත්‍යවරයා අදහස් දක්වමින් අමාත්‍යංශයට අයත් මේ සඳහා වූ ක්‍රියා පටිපාටිය කඩිනම් කරන බවද, ඒ සඳහා ගතවන කාලය අධීක්ෂණය කරන බවද, ඉදිකිරීම් කටයුතු ආරම්භක දින වකවානු ජනාධිපතිවරයා සහ ආර්ථික කළමනාකරණ කමිටුව සමග අඛණ්ඩව සම්බන්ධීකරණය කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී වැදගත් කරුණක් වූයේ, කොළඹ වරායන් සහ ප්‍රාදේශීය වරායන් සංවර්ධනය කිරීමට ආධාර කිරීම සඳහා ඒවායේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කරන බව ජපන් තානාපතිවරයා ප්‍රකාශ කිරීමයි.
එය රටේ ආර්ථික වර්ධනයට විශාල සහයෝගයක් වන බව විෂය භාර අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
