කඩා වැටුණු අමෙරිකානු හමුදා ගුවන් යානයේ සුන්බුන් අතර තිබී තවත් සිරුරු පහක් සොයා ගැනේ

කඩා වැටුණු අමෙරිකානු හමුදා ගුවන් යානයේ සුන්බුන් අතර තිබී තවත් සිරුරු පහක් සොයා ගැනේ

පසුගිය සතියේ යකුෂිමා දූපත ආසන්නයේදී කඩා වැටුණු අමෙරිකානු හමුදා ගුවන් යානයක සුන්බුන් අතර තිබී සිරුරු පහක් මේ වනවිට සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

අමෙරිකානු සහ ජපාන ගවේෂණ කණ්ඩායම් විසින් කළ මෙහෙයුම්වලදී මෙම සිරුරු සොයාගත් බවයි වාර්තා වන්නේ

CV-22 Osprey හයිබ්‍රිඩ් ගුවන් යානයක් වන මෙම ගුවන් යානය පසුගිය සතියේ අනතුරට පත්වන විට පුද්ගලයින් 8 දෙනෙකු එහි සිටි බවයි වාර්තා වූයේ .

යානය අනතුරට පත්වූ දවසේ එක් සිරුරුක් හමුවූ අතර ඊයේ (04) සොයාගත් සිරුරු පහෙන් දෙකක් මේ වන විට ගොඩගෙන තිබෙනවා

මෙම අනතුර ටෝකියෝව ජපානයට තම Osprey ගුවන් යානා ගොඩබස්වන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.

අනතුරට පත්වන විට Osprey යානය Yamaguchi ප්‍රාන්තයේ පිහිටි US Marine Corps ගුවන් කඳවුරේ සිට පුහුණු ගුවන් ගමනක යෙදී සිට ඇති අතර Okinawa හි Kadena ගුවන් කඳවුර දෙසට ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ .

එය මුහුදට කඩා වැටීමට පෙර යකුෂිමා දූපතට හදිසි ගොඩබෑමක් ඉල්ලා තිබෙනවා .

කෙසේවෙතත් සිද්ධිය ඇසින් දුටුවන් පසුව සඳහන් කර තිබුණේ යානය කඩා වැටීමට පෙර පෙරළී ගිනිගත් බවයි.

මෙම අනතුරට හේතුව තවමත් අපැහැදිලි බවයි වාර්තා වන්නේ .

සුන්බුන් අතර සිටින ඉතිරි කාර්ය මණ්ඩල සාමාජිකයින් ගොඩගැනීමේ උත්සාහයන් තවදුරටත් පවතින බවද වැඩිදුරටත් සඳහන්

Share This