කඩා වැටුණු වේල්ල නිසා සත්වෝද්‍යානයක සිටි සතුන් 300 ක් පමණ මරුට

කඩා වැටුණු වේල්ල නිසා සත්වෝද්‍යානයක සිටි සතුන් 300 ක් පමණ මරුට

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේනයේ දකුණු කෙර්සන් ප්‍රදේශයේ වේල්ල කඩා වැටීමෙන් පසු ආක්‍රමණය ආරම්භයේ සිට මේ දක්වා වූ සිවිල් යටිතල පහසුකම්වලට හානි කිරීමේ වැදගත්ම සිදුවීම මෙය විය හැකි බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියෙකු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජල විදුලි බලාගාරයකටද හානි සිදුවී ඇති අතර ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම් කටයුතු සිදුවෙමින් පවතින බවද සඳහන්

Nova Khakovka වේල්ල කඩා වැටීමෙන් පසු එම ප්‍රදේශයේ සත්වෝද්‍යානයක සිටි සතුන් 300 ක් පමණ මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු සොල්දාදුවන් ගංවතුරට ගසාගෙන යන ආකාරයත්, වේල්ල කඩා වැටීමෙන් පසු Dnipro ගඟේ නැගෙනහිර ඉවුරෙන් ඔවුන් පලා යන ආකාරයත් යුක්‍රේන හමුදා දුටු බව එරට සන්නද්ධ හමුදා නිලධාරියෙක් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

එමෙන්ම බොහෝ රුසියානු හමුදා මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවද එම නිලධාරියා පවසා තිබෙනවා

කපිතාන් Andrei Pidlisnyi සඳහන් කර තිබෙන්නේ වේල්ල කඩා වැටීමෙන් පසු රුසියානුවන් සතුව තිබූ සියලුම රෙජිමේන්තු ගංවතුරෙන් යටවූ බවයි

එමෙන්ම ඉදිරි ප්‍රහාරයක් සඳහා පවතින යුක්‍රේන හමුදාවන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීම සඳහා රුසියානුවන් හිතාමතාම වේල්ලට පහර දුන් බව විශ්වාස කරන බවත් ඔහු පවසනවා

වේල්ල කඩා වැටීම සම්බන්ධයෙන් යුක්‍රේනය සහ මොස්කව් විසින් එකිනෙකාට චෝදනා කරමින් සිටින අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මෙය “මහා පාරිසරික විනාශයක්” ලෙසයි හඳුන්වා තිබෙන්නේ

මෙයට ප්‍රතිචාර වශයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ එය යුක්‍රේනයේ “කඩාකප්පල්කාරී ක්‍රියාවක්” නිසා සිදුවූවක් බවයි.

Share This