කඩුවෙල පොලිසියෙන් සැකකරුවෙක්ට වෙඩි

කඩුවෙල පොලිසියෙන් සැකකරුවෙක්ට වෙඩි

කඩුවෙල, කොතලාවල, කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී කඩුවෙල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් පහර දීමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ දී ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මෙම පුද්ගලයා ගේ අතට සහ කකුලට වෙඩි වැදී තිබෙනවා.

Share This