කඩුවෙල, වැලිපැන්න අධිවේගී පිවිසුම් ගැන පොලීසියෙන් දැනුම් දීමක්

කඩුවෙල, වැලිපැන්න අධිවේගී පිවිසුම් ගැන පොලීසියෙන් දැනුම් දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා.

කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර සැහැල්ලු වාහන සඳහා අවසර ලබාදී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ.

වැලිපැන්න අන්තර් හුවමාරුවේ ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් එහි රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This