කණ්ඩලමේ  හැඩකාරයා ගොඩ ගන්න සිංහල බෙහෙත් සිංහල බෙහෙත් (VIDEO)

කණ්ඩලමේ හැඩකාරයා ගොඩ ගන්න සිංහල බෙහෙත් සිංහල බෙහෙත් (VIDEO)

වෙඩි වැදී කණ්ඩලම ජලාශයේ මාස හතරකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා ලෙස හදුන්වන වන අලියාට සිංහල බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීම ෛඊයේ (07) පස්වරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන ව්‍යාපාරික මහතෙකු විසින් පුද්ගලික ධනය වියදම් කරමින් ගම්පහ දොම්පේ, ගිරිදර ප්‍රදේශයේ පාරම්පරික දේශීය වෙද මහතෙකු වන ගාමිණී කරුණාරත්න මහතා හා ස්මින් වහන්සේ කීප නමක් එක්ව මෙම ප්‍රතිකාර කිරීම ආරම්භ ඇති බවයි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ කැලෑ ඖෂධ සොයාගෙන පැමිණ සිරුරේ ඇති තුවාල වලට ආලේප කොට ඉදිරි පාද දෙකේම යට කොටස දැඩි ලෙස තුවාල වී තිබීම නිසා එම ස්ථානවලට බෙහෙත් බැඳීම සිදුකළා.

පසුගිය දිනවල වන ජීවී පශු වෛද්‍ය කණ්ඩායම දැඩි වෙහෙසක් දරමින් මෙම අලියාට ප්‍රතිකාර ලබා දී යම් මට්ටමකින් සුවයක් ලබා තිබුණා.

පසුව ඔහුගේ පාදවල ඇති වූ ආසාදන තත්ත්වයන් නිසා නැවතත් මෙම හස්තියා පසු වූයේ ජලය මත වැතිරීයි.

වන ජීවී පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව නැවත වරක් මෙම අලියා නැගිටුවා ප්‍රතිකාර කිරීම් ආරම්භ කොට තිබියදී නැවතත් හස්තියා ජලය මතට වැටී නැගිට ගැනීමට නොහැකි තත්ත්වයේ පසු වුණා.

ඒ අනුව ව්‍යාපාරික මහතෙක් ඉදිරිපත්ව වන ජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන හීලෑ අලි , ඇතුන් සඳහා ප්‍රතිකාර කරන ගම්පහ ගිරිදර ප්‍රදේශයේ පදිංචි පාරම්පරික වෙදුරුවරයෙකු වන ගාමිණී කරුණාරත්න මහතා කණ්ඩලමට කැඳවාගෙන මෙම අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙහිදී වෙද මහතා මෙම හස්තියාට ප්‍රතිකාර ආ‍රම්භ කළ අවස්ථාවේ වන අලියා සිය පා ඔසවා වෙද මහතාට ඖෂධ දැමීමට සහාය දැක්වීම සිත් කම්පා කරවන දසුනක් වුණා.

 

Share This