අද ඇරඹුණු කතරගම පාද යාත්‍රාවට ලයිකා ඥානම් පදනමෙන් සහය   (VIDEO)

අද ඇරඹුණු කතරගම පාද යාත්‍රාවට ලයිකා ඥානම් පදනමෙන් සහය (VIDEO)

කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වීම සඳහා කුමන සහ යාල ජාතික වනෝද්‍යාන ඔස්සේ උතුර නැගෙනහිර පළාත්වල සිට බැතිමතුන් පැමිණීම සාම්ප්‍රදායිකව සිදු වන්නක්.

ඒ අනුව එම බැතිමතුන් සඳහා කුමන සහ යාල ජාතික වනෝද්‍යාන පිවිසුම් දොරටු විවෘත කිරීම සිදු කෙරුණා.

ලබන 6 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යය සඳහා බැතිමතුන් 25,000කට අධික පිරිසක් සහභාගී වනු ඇති.

ඒ අනුව මෙම බැතිමතුන්ට සිය ගමනේ දී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය ඇතුලත් මළු බෙදාදෙමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට ලයිකා ඥානම් පදනම පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් Live at 12 ප්‍රවෘත්ති විකාශයෙන් ගෙන ආ වැඩිදුර තොරතුරු වාර්තාව පහතින්……

 

 

 

 

Share This