කඳුකර කොටියෙක් මන්දකට අසුව ජීවිතය බේරාගන්න සටනක්

කඳුකර කොටියෙක් මන්දකට අසුව ජීවිතය බේරාගන්න සටනක්

දඩයම්කරුවෙක් විසින් අටවා තිබූ මන්දකට කදුකර කොටියෙකු අද (27) හසු වී ඇති බව ලිදුල පොලිසිය වෙත වාර්තා වී තිබෙනවා.

ලිදුල පොලිස් වසමට අයත් නාගසේන, ටිල්කුල්ටි වතුයායේ තේ වත්තක අටවා තිබූ කම්බි මන්දකට කදුකර කොටියාගේ පසුපස පාදය හසු වි සිටියා.

නුවරඑලිය වන ජිවි කාර්යාලය පැවසුවේ එම කොටියා නිර්වින්දනය කර මුදා ගැනීම සදහා පශු වෛද්‍යවරයෙකුගේ සහයෝගය ඉල්ලා ඇති බවයි.

හොදින් වැඩුණු කදුකර කොටියා මන්ද ගලවා ගෙන පලා යෑමට දැඩි උත්සහයක නිරත වෙන අයුරු එම වත්තේ වැඩ කිරිමට ගිය වතු කම්කරුවෙකුගේ කැමරාවේ සටහන් වී තිබුණා.

 

Share This