කම්කරු සහ විදේශ රැකියා ඇමතිවරයා සහ රුමේනියානු තානාපති අතර හමුවක්
රුමේනියාවේ නව රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින රුමේනියා තානාපති Victor CHIUJDEA මහතා අතර හමුවක් විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත් වී තිබෙනවා
රුමේනියාවේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙන අතර රුමේනියානු තානාපතිතුමා පවසා ඇත්තේ මේ වසර මුලදී රුමේනියාව විදේශ රැකියා ලක්ෂයක් සදහා විවෘත කර ඇති බවය.
එම රැකියා අවස්ථා ලබාදීම සදහා රුමේනියා රජය මැදිහත් නොවන බවත්, එයට පුද්ගලික රැකියා නියෝජිත ආයතන මැදිහත් වන බවත් තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්රයේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සහ සංචාරක ක්ෂේත්රයේ රැකියා සදහා රුමේනියාව රැකියා වෙළදපොල විවෘත කර ඇති බවද තානාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කල බව සඳහන්
මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2500ක් පමණ රුමේනියාවේ රැකියාවල නිතර වන අතර ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ස්ථිර කොන්සියුලරවරයෙක් පත් කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද ඇමැතිවරයා සඳහන් කර තිබෙනවා.