කරච්චි වරායේ කොටසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බදු දෙයි

කරච්චි වරායේ කොටසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බදු දෙයි

පාකිස්ථානයේ කරච්චි වරායේ කොටසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඩොලර් මිලියන 220කට බදු දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඉදිරි වසර 50 සඳහා වන අදාළ බදු ගිවිසුම අද (22) දිනයේ අත්සන් තබා ඇති බවයි

දැඩි ආර්ථික අර්බුදයක් පවතින පාකිස්ථානයේ විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා මෙම ගිවිසුම්ගත වීම විශේෂ බව සඳහන්

කරච්චි වරාය පකිස්ථානයේ පැරණිතම සහ කාර්යබහුලම වරාය වන අතර, නැංගුරම් පොළවල් 33කින් සමන්විත වනවා.

මෙම ගිවිසුමට අනුව විශාල නැව් නැංගුරම් ලෑමට ඉඩ සැලසෙන පරිදි නැංගුරම් පොළ ගැඹුරු කිරීම සහ බහාලුම් ගබඩා ප්‍රදේශය වැඩි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Share This