කරාතේ ක්‍රීඩකයින්ට උණුසුම් පිළිගැනීම්

කරාතේ ක්‍රීඩකයින්ට උණුසුම් පිළිගැනීම්

කරාතේ ක්‍රීඩකයින් 19 දෙනා අගයමින් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (26) පස්වරුවේ එප්පාවලදී පැවැත්වුණා.

ඉන්දියාවේ කොල්කටා නගරයේ පැවති 2024 ෂොතෝකාන් ජාත්‍යන්තර තරඟාවලියේදී සමස්ථ තරඟාවලියේ අනුශුරතාව දිනා ගනිමින් ඔවුන් ලක් මවට කීර්තියක් අත්කර දුන්නා.

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල, කුඩා නෙලුබෑව විද්‍යාලය හා කරගහවැව යන විද්‍යාලයන් නියෝජනය කරමින් 2024 ෂොතෝකාන් ජාත්‍යන්තර තරඟාවලියට ක්‍රීීඩකයින් සහභාගී වී තිබුණා.

තරඟාවලියේදී රටවල් 09 ක් අතුරින් රන් පදක්කම් 10 ක් , රිදී පදක්කම් 08 ක් හා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාව දිනා ගැනීමටයි සමත් වුණේ.

අනුශූරතාව දිනා ගත් කණ්ඩායම ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ඊයේ (26) පස්වරුවේදී එම කරාතේ ශූරයින්ගේ පුහුණුකරු වන ශ්‍රී ලංකා කරාතේ ගුරු සංගමයේ ප්‍රධාන උපදේශක,අනුරාධපුර දිස්ත්‍රිික්කයේ කරාතේ ගුරු සංගමයේ සභාපති කරාතේ මාස්ටර් ශෙහාන් රත්නකුමාර මහතා ඇතුළු කරාතේ ක්‍රීඩක ක්‍රීීඩිකාවන් පිළිගැනීමට එප්පාවල නගරයේදී චාම් උත්සවයක් සංවිධානය කර තිබුණා.

Share This