කල්පිටියේ ධීවර යාත්රාවක් අතුරුදන්
ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
එම යාත්රාවේ හිමිකරු පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
යාත්රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර තිබෙනවා.
ඔවුන් 21, 37 සහ 38 යන වයස්වල පසුවන ඊච්චන්කාඩුව ප්රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.