‘කල්මේග’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ 59 කට දිවි අහිමි වේ

‘කල්මේග’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ 59 කට දිවි අහිමි වේ

පිලිපීනය හරහා ගමන් කරන ‘කල්මේග’’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 59 දෙනෙකුට දිවි අහිමිවී තිබෙනවා.

බොහෝ මරණ සිදුව ඇත්තේ එරටට බලපෑ ජල ගැලීම් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

සුළි කුණාටුවෙන් තවත් දහතුන් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

එමෙන්ම ලක්ෂ 05කට අධික පිරිසක් අවතැන් වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

මුදාගැනීමේ මෙහෙයුමකට එක්ව සිට හෙලිකොප්ටරයක සිටි හමුදා නිලධාරීන් 6 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

Share This