කලිසම් වාටියේ සඟවා කුඩු බෙදූ “කිරි බබා” ගෝනගං ආරෙන් අල්ලයි (VIDEO)

කලිසම් වාටියේ සඟවා කුඩු බෙදූ “කිරි බබා” ගෝනගං ආරෙන් අල්ලයි (VIDEO)

ගෝනගං ආර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මොණරාගල සහ බුත්තල ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහරින මහා ප‍රිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කිරි බබා යන අන්වර්ත නාමයෙන් හදුන්වන සැකකරු ඉතා සූෂ්ම ලෙස කලිසම් වාටිය තුල සඟවා හෙරොයින් විවිධ ස්ථාන වෙත ප්‍රවාහනය කර ඇතැයි පවසන පොලීසිය සැකකරු සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 26 ක් සොයා ගත්තා.

මෙම සැකකරු වයස අවුරුදු 26 ක පුද්ගලයෙක්.

Share This