කසිප්පු පෙරූ මව සහ දියණිය කොටුවෙයි
පේරාදෙණිය බෝවල ප්රදේශයේ කැලෑවක මව සහ දියණිය එක්ව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථානයක් වටලා තිබෙනවා.
එහිදී කසිප්පු ස්ප්රීතු බෝතල් 200 ක් සහ ගෝඩා ලීටර් 1250 ක් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් සමත් වුණා.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 48 හැවිරිදි මව සහ 26 හැවිරිදි ඇගේ දියණිය මෙයට පෙර අවස්ථා කිහිපකයකදීම කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පොලිසිය නිතර වැටලීම් සිදු කරන බැවින් මොවුන් පේරාදෙණිය බෝවල බස් ධාවනය කරන මාර්ගයේ සිට කිලෝ මීටර් 1 /12 ක පමණ දුරක් කැලෑබද ප්රදේශයට වන්නට කසිප්පු ජාවාරම සිදුකර තිබෙන බවත් පයිනස් ගස්වලින් පිරුණු එම ප්රදේශය වෙත ළගා වීම අතිශයින් දුෂ්කර නිසා මොවුන් කාලයක් තිස්සේ නිදහසේ ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙන බවත් පොලිසිය පවසනවා.
ලීටර් 500 ප්රමාණයේ ජල ටැංකි වලදමා ඒවාට නල මගින් කසිප්පු ස්ප්රීතු එකතු වන සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර කසිප්පු පෙරීමට උපයෝගි කරගත් තඹ දඟර,ගෑස් ලිප් හා සිලින්ඩර් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.