කහවත්ත පැහැරගත් තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

කහවත්ත පැහැරගත් තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු ඉකුත් 31 වැනිදා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණා.

අත්විලංගු දමා පැහැරගත් තරුණයින් දෙදෙනකු ගෙන් එක් අයෙකු දණ ගස්සවා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එම ඝාතනය දැනට ඩුබායි හි සිටින මීගොඩ අමිත නැමැත්තාගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊට ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන හඳපාන්ගොඩ හඳයා නැමැත්තාගේ මැදිහත්වීම මත සිදුව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව අදාළ ඝාතකයින් තරුණයා පැහැර ගැනිීම සඳහා යොදාගත් ජීප් රථය සහ යතුරුපැදි තුනක් පොලිස් භාරයට ගැනීමට බස්නාහිර උතුර අපරධ කොට්ඨාසය කටයුතු කළ අතර සැකකරුවන් 04 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු රක්ෂිත බන්ධානාගාර ගත කළ අතර අනෙක් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන අතර, අදාළ ඝාතන සිද්ධියේ වෙඩික්කරු බව කියන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි චන්දන කුමාර නැමැත්තෙකු මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, අදාළ සැකකරු සමඟ පැමිණි අනෙක් පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Share This