
ක්‍රිකට් නීති රීති රැසක් අලුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයෙන් පියවර.
එක්දින සහ 20-20 ක්‍රිකට් තරග සඳහා ක්‍රියාත්මක වන Stop clock නීතිය ටෙස්ට් තරග සඳහා ද හඳුන්වා දීමට icc ය පියවර ගෙන තිබෙනවා.
එම නව නිතිය අනුව පෙර පන්දුවාරය අවසන්වී මිනිත්තුවක් ඇතුළත නව පන්දුවාරය ආරම්භ කිරීමට පන්දු රකින කණ්ඩායම කටයුතු කිරීම අනිවාර්ය වනු ඇති.
එසේ නොකළහොත් පිටියේ විනිසුරුවන් විසින් ඔවුන්ට අවවාදයන් දෙකක් සිදු කිරීමෙන් අනතුරුව පන්දු යැවීමේ කණ්ඩායමට දඩුවම් ලකුණු පහක් පිරිනැමිට කටයුතු කරනවා.
මිට අමතරව පසුගියදා තවත් නීති රීති රැසක් හඳුන්වා දීමට ICC ය කටයුතු කර තිබූ අතර එක්දින තරගවලදී ඉනිමක් සඳහා තරග ආරම්භයේ සිට යොදා ගන්නා නව පන්දු දෙකට අදාළව පැවති නීතිය සංශෝධනය කිරීමට ද තීරණය කර තිබෙනවා.
නව නිතිය අනුව එක් ඉනිමක පන්දුවාර 34ක් අවසන් වන තුරු පමණක් නව පන්දු දෙකක් යොදා ගන්නා අතර 35 වැනි පන්දුවාරයේ පටන් එම පන්දු දෙකෙන් එක් පන්දුවක් පමණක් තෝරා ගැනීමට පන්දු යවන කණ්ඩායමට සිදුවනු ඇති.
එමෙන්ම තරගයක් අතරතුර ආබාධයකට ලක්වන ක්‍රිඩකයෙකු වෙනුවෙන් ක්‍රීඩක අදේශ කිරීමක් සිදු වනනේ නම් තරගය ආරම්භයට පෙර එම ආදේශනය වෙනුවෙන් පිතිකරුවෙකු වේගපන්දු යවන්නේතු, කඩුළු රකින්නෙකු දඟ පන්දු යවන්නෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙස වෙනත් ක්‍රීඩකයින් පස්දෙනෙකු නම් කර තිබිය යුතු වනවා.
බනී හෝප් හෙවත් උඩ පන්දුවක් රැක ගෙන එය හතරේ සීමවෙන් මෙපිටට විසි කරමින් පන්දු රකින්නා නැවත සීමාව තුළට පැමිණ උඩ පන්දුව රැක ගැනීම මින් පෙර දැවී යාමක් ලෙස සටහන් කර තිබූ නමුත් නව නීති අනුව එය නොදැවී යාමක් ලෙස සටහන් වනු ඇති.
එමෙන්ම තවත් නීති රැසක් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.