ක්‍රිමියානු පාලම මතින් ගමන් කරමින් සිටි මෝටර් රථයකට ප්‍රහාරයක් – දෙදෙනෙක් මරුට

ක්‍රිමියානු පාලම මතින් ගමන් කරමින් සිටි මෝටර් රථයකට ප්‍රහාරයක් – දෙදෙනෙක් මරුට

ක්‍රිමියානු පාලම මත ඇති වූ පිපිරීමකින් මෝටර් රථයකින් ගමන් කළ යුවළක් මිය ගොස් ඔවුන්ගේ දියණිය තුවාල ලබා ඇති බව රුසියාවේ නිරිතදිග Belgorod ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා

Belgorod ආණ්ඩුකාර Vyacheslav Gladkov කියා සිටියේ මෙම පවුල යුක්‍රේනයේ Kharkiv කලාපයට මායිම් වන Belgorod හි Novooskolsky දිස්ත්‍රික්කයේ පදිංචි අය බවයි

මිය ගිය යුවළගේ දියණිය මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ඇති බැවින් වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ඇති බව Belgorod ආණ්ඩුකාර Vyacheslav Gladkov වැඩිදුරටත් පවසා තිබෙනවා

මෙම සිද්ධිය ප්‍රහාරයක් ලෙස නම් කර නොමැති නමුත් තහවුරු නොකළ වාර්තා පවසන්නේ පිපිරීම් හඬවල් ඇසුණු බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී විශාල පිපිරීමක් හේතුවෙන් මෙම පාලම අර්ධ වශයෙන් වසා දැමීමෙන් පසු පෙබරවාරි මාසයේදී සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරනු ලැබුවා

Share This