
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති කිහිපයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ආරම්භ කිරීමට නියමිතව ඇති බව සඳහන්.
ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති යෝජනා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ආකෘති ප්‍රකාරව අදාළ ව්‍යාපෘති යෝජනා සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමේ එක් දින වැඩමුළුවක් අද (10) අරලියගහ මන්දිරයේ ක්ලීන් ශ්‍රි ලංකා ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වා ඇති බව සඳහන්.
රට තුළ සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් පසු, නියමිත ආකෘතිය අනුව ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමටත්, ඒ අනුව කඩිනමින් ආරම්භ කළ යුතු ව්‍යාපෘති මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ආරම්භ කිරීමටත් මෙහිදී සාකච්ජාවී ඇති බවයි වාර්තා වන්නේ.