ක්වීන්ස්ලන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් සහන කටයුතුවලට බාධා

ක්වීන්ස්ලන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් සහන කටයුතුවලට බාධා

උතුරු ඕස්ට්‍රේලියාවේ ගංවතුර තත්ත්වයන් අඩුවීමට පටන්ගෙන ඇති නමුත් ජනතාවට අවශ්‍ය සැපයුම් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බොහෝ නගර ජලයෙන් යටවී ඇති අතර තැනින් තැන කිඹුලන් දක්නට ඇති බවද සඳහන්

ඇතිවූ ජැස්පර් සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර ගංගා පිටාර ගැලීමෙන් පසු ,නිවාස සහ මාර්ග ගංවතුරට යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

විදුලිය විසන්ධි වී ඇති අතර මිනිසුන්ට බෝට්ටුවලින් නිවෙස්වලින් පලා යාමට දැනුම් දී ඇති බවද සඳහන්

එක් පුද්ගලයෙක් අතුරුදන් වී තිබෙනවා

Cairns ගුවන් තොටුපළේ ගුවන් යානා ජලයෙන් යටවීම නිසා ගලවා ගැනීමේ සහ සහන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මූලික අවධානයට ලක්විය යුතු Wujal Wujal හි පුද්ගලයන් 300ක් පමණ ඉවත් කිරීමට බලා සිටින බවද බලධාරීන් සඳහන් කර තිබෙනවා .

Share This