කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හමුවේ දෙවන අන්ත පරාජයත් ලබයි

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හමුවේ දෙවන අන්ත පරාජයත් ලබයි

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන පරාජයත් ඊයේ එංගලන්තය හමුවේ ලැබුවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනය කිරීමෙන් අනතුරුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුල කඩුළු 9 ක් දැවී ලකුණු 253 ක් ලැබුවා.

එහිදී එංගලන්තය වෙනුවෙන් නැට් ස්කිවර්-බ්‍රන්ට් ශතකයක් රැස්කරමින් ලකුණු 117 ක් රැස් කළා.

ඉනෝක රණවීර කඩුළු 3 ක් ලැබුවේ ලකුණු 33 කටයි.

උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්ධිකා කුමාරි අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ඇරඹූ හර්ෂිනී පෙරේල ලකුණු 35 කට දැවී ගිය අතර තරගය ආරම්භයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ චමරි අතපත්තු කඩුළු 3 ක් බිඳවැටීමෙන් අනතුරුව පිටියට පැමිණ රැස් කළේ ලකුණු 15 ක් පමණයි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33 ක් ලබා දැවී ගිය අතර නිලක්ෂි සිල්වා ලකුණු 23 ක් රැස් කළා.

පන්දු ඕවර 45.4 ක් තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩාගාරට ‍යනවිට රැස්කර තිබුණේ ලකුණු 164 ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සොෆී එක්ල්ස්ටෝන් ලකුණු 17 කට කඩුළු 4 ක් දවාගත්තා.

ශ්‍රී ලංකාවට ශතකයකින් සංග්‍රහ කළ නැට් ස්කිවර්-බ්‍රන්ට් තරගයේ කඩුළු 2 ක් ලැබුවේ ලකුණු 25 කටයි.

චාලි ඩීන් කඩුළු 2 ක් ලකුණු 47 ක් ලබා දී බිඳ දැමුවා.

 

Share This