කාන්තාරයක දැවැන්ත ගුවන් යානා අංගනයක්

කාන්තාරයක දැවැන්ත ගුවන් යානා අංගනයක්

චීනයේ ෂින්ජියැන්ග්හි කාන්තාරයක ඇති ගුවන් යානා අංගනයක් පිළිබඳ නවතම චන්ද්‍රිකා ඡායාරූප සමූහයක් නිකුත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

බුද්ධි විශ්ලේෂකයින් 2013 වසරේ සිට ෂින්ජියැන්ග්හි තක්ලිමාකන් කාන්තාරයේ උතුරු මායිමේ ඇති මෙම අංගනයයේ ඉදිකිරීම් පිළිබඳව සොයමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එය අපේක්ෂා නොකළ තරම් විශාල එකක් බවත් විශාලතම අංගනයක්වලින් එකක් බවත් විදෙස් වාර්තාවල දැක්වෙනවා

මෙය 2015 දී නිම කර ඇති ඇති බව විශ්වාස කෙරෙන අතර එහි අඩංගු දේ තවමත් චන්ද්‍රිකා ඡායාරූපවලට ග්‍රහණය වී නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This