කාන්තාවක පැදවූ සුඛෝපභෝගී ජීප් රථයකට පුද්ගලයෙක් බිලි (වීඩියෝ)
පිළියන්දල, බෝකුන්දර ප්රදේශයේ දී කාන්තාවක් පැදවූ ජීප් රථයක පුද්ගලයෙකු ගැටීමෙන් අද (29) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් අදාල පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ සිරුර අසල බෝක්කුවක් තුළ තිබිය දී සොයා ගැනුණා.
අදාල සුඛෝපභෝගී ජීප් රථය පිළියන්දල සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ අතරවාරයේයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ, බොරලැස්ගමුව, වේරහැර පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.
රථය පැද වූ නුගේගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (29) කැස්බෑව අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමට නියමිතව තිබුණා.